OSI Layers Simply Explained in Sinhala
Internet එක හරහා හෝ යම්කිසි Network එකක් හරහා data exchange වෙද්දි මේ වැඩේ හරියටම වෙන්නෙ කොහොමද කියල හිතල තියනවද?
Devices දෙකක් communicate කරද්දී මේක සිද්ධ වෙන ආකාරය steps 7කින් එහෙමත් නැත්නම් Layers 7කින් පැහැදිලි කරන ආකෘතිය OSI (Open System Interconnection) Model එක කියල අපිට සරලව හඳුන්වන්න පුළුවන්.
වැඩේ හොඳටම තේරුම් අරගන්න ලේසිම විදිහ තමයි step by step කතාවක් විදිහට සරල උදාහරණයක් එක්ක සිද්ධිය පැහැදිලි කරගන්න එක.
මම මේකට අරගන්නම් අපි එදිනෙදා කරන email එකක් send කරන process එක.
Layers ගැන කතා කරන්න කලින් පොඩි පැහැදිලි කරගන්න ඕනෙ දෙයක් තියනව.
PDU (Protocol Data Unit)
ඕනෙම Layer එකකදි ඒ Layer එකට අදාළ වන Data Unit එකක් තියනව. සරලවම කියනවනම් Layers අතර දත්ත හුවමාරු වෙද්දි ඒ දත්තවල ස්වරුපය, Layer එකෙන් Layer එකට වෙනස් වෙනව. මේ එක එක Layersවල දත්ත පවතින ස්වරුපයට තමයි PDU කියල කියන්නෙ.
OSI (Open System Interconnection) Model
7. Application Layer (යෙදුම් ස්ථරය)
මේක තමයි අපි email එක ලියන මුල්ම පියවර. මෙතනදි අපිට මොනයම් හෝ end user application එකක් use කරන්න වෙනව. උදාහරණයක් විදිහට Outlook, Gmail, Zimbra වගේ application එකක් හෝ එහෙමත් නැත්නම් browser එක මේ වැඩේට use කරන්න වෙනව. මේ layer එකෙන් වෙන්නෙ පරිශීලකයා සහ ජාලය අතර සම්බන්ධය ඇති කරන එක.
- ප්‍රධාන කාර්යය: පරිශීලකයාට ජාල සේවා සැපයීම
- PDU: Data
6. Presentation Layer (ඉදිරිපත් කිරීමේ ස්ථරය)
අපි කලින් ලියා ගත්ත message එක computer එකට තෙරුම් ගන්න පුළුවන් විදිහට පත් කරන එක තමයි මේ Layer එකේදි වෙන්නෙ. ඒත් එක්කම data conversion, compression, encryption වගේ දේවලුත් මේ Layer එකේදි සිද්ධ වෙනව.
- ප්‍රධාන කාර්යය: දත්ත පරිවර්තනය (Translation), සංකේතනය (Encryption) සහ සම්පීඩනය (Compression)
- PDU: Data
5. Session Layer (සැසි ස්ථරය)
Email එක යවන්න කලින් අපේ device එක සහ email server එක අතර communication channel එකක් open කරන එක තමා මෙතනදි වෙන්නෙ. මේ Layer එකේදි session එකක් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම පාලනය කරනව.
- ප්‍රධාන කාර්යය: යෙදුම් අතර සැසි කළමනාකරණය
- PDU: Data.
4. Transport Layer (ප්‍රවාහන ස්ථරය)
මෙතනදි වෙන්නෙ email එක එකවර යවන් නැතුව කුඩා කොටස්වලට (segments) වෙන් කරගන්න එක. මේ හැම කොටසකටම ඊට අදාළ header එකකුත් ඇතුලත් වෙනව.
Headers වර්ග 2යි.
-
TCP (Transmission Control Protocol) - විශ්වාසදායක ක්‍රමය:
- ඊමේල් එකේ සෑම කොටසක්ම නිවැරදිව ලැබුණු බව තහවුරු කරයි (Reliable).
- Sequencing: දත්ත කොටස් නිවැරදි පිළිවෙළට සකස් කරයි
- Flow Control: දත්ත ගලා යන වේගය පාලනය කරයි
- Acknowledgement (Ack): දත්ත ලැබුණු බවට තහවුරු කිරීමක් ලබා දෙයි
- Windowing: දත්ත ලැබෙන්නාට (Receiver) එකවර දරාගත හැකි දත්ත ප්‍රමාණය තීරණය කර සන්නිවේදනය පාලනය කරයි
- Re-transmission: අතරමගදී දත්ත නැති වුවහොත්, එම කොටස ස්වයංක්‍රීයව නැවත සම්ප්‍රේෂණය කර විශ්වාසදායක සේවාවක් ලබා දෙයි
-
UDP (User Datagram Protocol) - වේගවත් ක්‍රමය:
- මෙය "Connectionless" හෙවත් සෘජු සම්බන්ධතාවක් පවත්වා නොගන්නා ක්‍රමයකි.
- එය "Unreliable" ලෙස හැඳින්වෙන්නේ දත්ත ලැබුණු බවට තහවුරු කිරීමක් (Ack) නොකරන බැවිනි.
- ඊමේල් වලට වඩා වීඩියෝ ඇමතුම් හෝ සජීවී විකාශන (Streaming) වැනි වේගය වැදගත් වන අවස්ථා සඳහා මෙය යොදා ගනී.
-
PDU: Segment
-
Ports: දත්ත යැවිය යුත්තේ කුමන සේවාවටදැයි හඳුනා ගැනීමට Ports භාවිත කරයි.
- Email: සාමාන්‍යයෙන් Port 24 (හෝ 25)
- HTTP/HTTPS: Port 80 සහ Port 443
3. Network Layer (ජාල ස්ථරය)
මේ Layer එකේදි ඇතුලත් වෙන header එකට අපි IP Header එකක් කියල කියනව. ඒකට අයත් වෙනව යවන්නාගේ IP ලිපිනය (Source IP) සහ ලබන්නාගේ IP ලිපිනය (Destination IP). මේ destination IP එක මත පදනම්ව රවුටරයක් (Router) මඟින් email එක මෙහිදී යා යුතු හොඳම මාර්ගය තීරණය කිරීම සිදු කරනව.
- ප්‍රධාන කාර්යය: Routing සහ හොඳම මාර්ගය තෝරා ගැනීම
- PDU: Packet
2. Data Link Layer (දත්ත සම්බන්ධක ස්ථරය)
මේ Layer එකේදි data packets නිවසේ හෝ කාර්යාලයේ ඇති ස්විචය (Switch) හරහා ඊළඟ මංසන්ධිය වෙත යැවීමට සූදානම් කරනව. මෙතනදි ඇතුලත් වෙන header එකට අපි MAC Header එකක් කියල කියනව. ඒකට අයත් වෙනව යවන්නාගේ MAC ලිපිනය (Source MAC) සහ ලබන්නාගේ MAC ලිපිනය (Destination MAC).
- OUI: මෙය MAC ලිපිනයේ මුල් බිටු 24 වන අතර එය නිෂ්පාදකයා හඳුනා ගැනීමට උදවු වේ.
- PDU: Frame
- ප්‍රධාන කාර්යය: Node-to-node දත්ත හුවමාරුව සහ වැරදි සෙවීම (Error detection).
1. Physical Layer (භෞතික ස්ථරය)
අවසාන අදියරේදි වෙන්නෙ email එක විද්‍යුත් සංඥා හෝ ආලෝක සංඥා (0 සහ 1 bits) ලෙස cable, Fiber Optics හෝ Wi-Fi තරංග හරහා ගමන් කිරීම.
- PDU: Bits
- ප්‍රධාන කාර්යය: භෞතික මාධ්‍යයක් හරහා Raw Bits සම්ප්‍රේෂණය කිරීම
Summary
| Layer | PDU | Key Technologies, Devices & Protocols |
|---|---|---|
| Application | Data | Web Browsers, Email Apps |
| Presentation | Data | Encryption, SSL/TLS |
| Session | Data | Communication Channels |
| Transport | Segment | TCP/UDP, Ports |
| Network | Packet | Router, IP Address |
| Data Link | Frame | Switch, MAC Address |
| Physical | Bits | Cables, Fiber |
MAC vs IP address in OSI Model
| ලක්ෂණය | MAC Address | IP Address |
|---|---|---|
| ස්ථරය | Data Link (Layer 2) | Network (Layer 3) |
| පරාසය | Local Network (LAN) | Global Network (Internet) |
| වෙනස් වීම | Permanent | Software base |
මේ විදිහට සරල උදාහරණයක් ඇසුරෙන් ලේසියෙන්ම OSI Model එක තේරුම් ගන්න පුළුවන්. අපි ඊළඟ blog එකෙන් TCP/IP model එක ගැන කතා කරමු.
@PubuduWijesundara
Until next time - keep hacking your way forward.
Related Articles
UV සමඟ Python Dependency Management අලුත් විදිහකට
Python projects වල Dependency management සහ Environment management කියන්නේ ලොකු හිසරදයක්ද? Pip, Pyenv සහ Poetry වෙනුවට 10-100x වේගවත් UV tool එක use කරල development workflow එක speed up කරගමු.
මොකද්ද මේ XSS එහෙමත් නැත්නම් Cross-Site Scripting කියන්නෙ
වෙබ් අඩවි වල ආරක්ෂාවට ලොකු තර්ජනයක් වෙන XSS ප්‍රහාරයක් කියන්නේ මොකක්ද, ඒක වැඩ කරන්නේ කොහොමද සහ එයින් බේරෙන්නේ කොහොමද කියලා සරලව සිංහලෙන් ඉගෙන ගමු.
ඔයාගේ Lap එකේ RAM එක තව කොච්චර දුරට වැඩි කරගන්න පුලුවන්ද?
Everything You Need to Know about upgrading your Laptop RAM